තවත් ආහාර ගබඩාවක් හදිසියේම වටලයි - හේතුව මෙන්න..

Food Shortages Sri Lanka
By Sewvandhi Apr 30, 2023 11:21 AM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, ආහාර රස ගැන්වීම සඳහා භාවිතා කරන කෘත්‍රිම රස ගන්වන තොගයක් මරදාන ටෙක්නිකල් හන්දියේ ආහාර ගබඩාවක තිබී සොයාගත් බවයි.

 වැටලීම භාරජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බි. එස්. යු. පි. පෙරේරා මහතා කියා සිටියේ,එම ස්ථානයේ කල් ඉකුත් වූ ආහාර හා කල් ඉකුත් නොවූ ආහාර කලවමේ බෙදා හැර ඇති බවයි.

මෙම වැටලීම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකර ඇත. ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා කෘතිම රස ගන්වන 2020 හා 2021 වසරවලදී කල් ඉකුත් වූ ඒවා බවට නිරීක්ෂණය වී තිබේ.

එම රස කාරක ද්‍රව්‍ය වෙළෙඳ සැල්වල අලෙවි නොකර ආහාර රස ගැන්වීමට පමණක් භාවිත කරන කෘතීම රස ගන්වන ද්‍රව්‍ය බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

අදාළ ආහාර ගබඩාව සම්බන්ධයෙන් ඉදිරි සතියේදී නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම සිදුකළ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now