අත් යට කළු වීම් නිසා පීඩා විඳපු කාලේ ඉවරයි. මෙන්න ඒකට හොඳම විසඳුම්.

By Wayomi Aug 11, 2022 06:16 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අත් යට එහෙමත් නැත්නම් කිහිලියට කළු වීම ගොඩක් අයට තියෙන ගැටළුවක්. ආසාවට අත් කපපු ඇඳුම්,ඇඳුමක්වත් අඳින්න බැහැ. ඒ වගේම තමයි අත් යට අවපැහැ ගැන්වීම නිසා බොහෝදෙනෙක් මානසිකවද පීඩාවට පත් වෙනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයි, කාන්තා පාර්ශවය.

මේකට හේතුව acanthosis nigricans (AN) නමින් හඳුන්වන චර්ම රෝග තත්වයයි. මෙමඟින් සම ඝන වී අහපැහැ වෙනවා. මේකට නම් වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. හැබැයි ඒ විතරක්ම නෙවෙයි, ඔබ පාවිච්චි කරන ඇතැම් deodorant වර්ග, රෝම ඉවත් කිරීම වැනි දේවල් ද මීට හේතු වෙන්න පුළුවන්.

මේ සඳහා පිළියම් වශයෙන් ගෙදරදීම සකස් කරගත හැකි සත්කාර


ඇපල් සයිඩර් විනාකිරි සහ බේකින් සෝඩා

🍏 ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2ක් සහ බේකින් සෝඩාතේ හැඳි 2ක් හොඳින් මිශ්‍ර කරගන්න.

🍏 එය බුබුළු දමන්නට පටන් ගනී. බුබුළු අවම වූ පසු මිශ්‍රණය අත් යට ආලේප කර වියලෙන්නට ඉඩ දෙන්න.

🍏 වැඩිපුර විනාඩි කිහිපයක් තියෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන, අතින් තට්ටු කරමින් වියලා ගන්න.

🍏සෑම දිනකම (සතියකට තුන් වතාවක්) සිදු කරන්න.


රෝස වතුර සහ බේකින් සෝඩා

🌹 රෝස වතුර සහ බේකින් සෝඩා මිශ්‍ර කර ඝන ආලේපයක් සකස් කරගන්න.

🌹 අත් යට ආලේප කර විනාඩි 10ක් තබන්න.

🌹 ඉන්පසු සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන, අතින් තට්ටු කරමින් වියලා ගන්න.

🌹 සතියකට දෙවතාවක් මෙම සත්කාරය සිදු කරන්න.


කිරි, කහ කුඩු සහ මී පැණි

🥛 කිරි මේස හැන්දක්, කහ කුඩු තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් එකට හොඳින් මිශ්‍ර කර අත් යට ආලේප කරගන්න.

🥛 වියළීමට ඉඩ හැර සෝදා හරින්න.

🥛 සෑම දවසකම (සතියකට තෙවරක්) සිදු කරන්න.


දුඹුරු සීනි සහ ඔලිව් ඔයිල්

🟤 දුඹුරු සීනි මේස හැඳි 3ක් සහ පිරිසිදු ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න.

🟤 පසුව එම මිශ්‍රණය අත් යට සම විනාඩි 2ක් ස්ක්‍රබ් කර විනාඩි 5ක් තියෙන්නට හරින්න.

🟤 ඉන්පසු ඇල් ජලයෙන් සෝදා හැර මෘදු තුවායක් භාවිතා කර අතින් තට්ටු කරමින් වියලාගන්න.

🟤 සතියකට දෙවරක් මෙම සත්කාරය කරන්න.


ආමන්ඩ් තෙල්

💧 ආමන්ඩ් තෙල් බින්දු කීපයක් ගෙන විනාඩි 8-10ක් අවපැහැ වී ඇති අත් යට සම්බාහනය කරන්න.

💧 මෙම සත්කාරය දිනපතාම කරන්න.


Fuller’s earth මැටි(මුල්තානි මිට්ටි - වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා), ලෙමන් යුෂ සහ වතුර

🟣 Fuller’s earth මැටි මේස හැඳි 2ක්, ලෙමන් යුෂ තේ හැන්දක් සහ වතුර එකතු කර මෘදු ආලේපයක් ලැබෙන තෙක් මිශ්‍ර කරන්න.

🟣 අත් යට ආලේප කර විනාඩි 15ක් තියන්න.

🟣 ඇල් වතුරෙන් සෝදා හරින්න.

🟣 සතියකට දෙවරක් මෙම සත්කාරය කරන්න.


අර්තාපල්

🥔 අර්තාපල් ගෙඩියෙහි පොතු ඉවත් කර කුඩා කැබලිවලට ග්‍රේට් කරගන්න.

🥔 හොඳින් මිරිකා අර්තාපල් යුෂ ලබාගන්න.

🥔 අත් යට ආලේප කර විනාඩි 15ක් තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

🥔 දිනකට දෙවතාවක්, එනම් උදෑසන සහ රාත්‍රියේ නින්දට යාමට පෙර සිදු කරන්න.


තේ ශාකයේ තෙල් සහ වතුර

☘️ තේ ශාකයේ ( tree tea oil) තෙල් බින්දු 4-5ක් සහ වතුර කෝප්පයක් ගන්න.

☘️ ස්ප්‍රේ බෝතලයකට කෝප්පයේ වතුර ටික දමන්න.

☘️ එයට tree tea oil තෙල් බින්දු 4-5ක් දමා හොඳින් සොලවා මිශ්‍ර කරගන්න.

☘️ අත් යට අවපැහැ වී ඇති ප්‍රදේශවලට ස්ප්‍රේ කර වියලෙන්නට හරින්න.

☘️දිනපතාම මෙම සත්කාරය සිදු කරන්න.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery