19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කුමක් වේවි ද?. ෂම්මි සිල්වාගෙන් අනතුරු ඇඟවීමක්.. ශ්‍රී ලංකාවට කළ ක්‍රිකට් තහනම ගැනත් ප්‍රකාශයක්..

Cricket Sri Lanka Cricket Sri Lanka
By krishani Nov 12, 2023 01:42 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC ය විසින් ඉවත් නොකළ හොත් ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය රටට අහිමි විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අනතුරු අඟවා ඇත.

අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කිරීමට ICC ට අවශ්‍ය වූ නමුත් ඔහු එය වැළැක්වූ බවයි.

කෙසේ වෙතත්, ESPNcricinfo පවසන ආකාරයට ICC ය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැත.

එම තරඟාවලියේ සත්කාරකත්වය පිළිබඳව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී පමණක් සාකච්ඡා කරනු ඇති බවට වාර්තා වේ.