හොර රහසේ කාන්තාවන් පිටරට පැටවූ "උම්මා අක්කා" ට අත් වූ ඉරණම..

Sri Lanka NGO
By Sewvandhi Nov 30, 2022 02:06 PM GMT
Report

ශ්‍රී ලාංකික කාන්තාවන් ව්‍යාජ ලිපි ලේඛන හරහා ඕමානයට යැවීමේ ජාවාරමක නිරත වූ නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

එනම් පසුගියදා කටුනායක ගුවන්තොටුපල නිලධාරීන් විසින් විදේශ රැකියා ලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි කිරීමේ දී අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදා ගෙන විදේශ ගතවීමට උත්සාහ කර කාන්තාවන් දෙදෙනෙක් නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

පසුව ඔවුන් දෙදෙනාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි. එහිදී ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොළඹ ආදුරුප්පු වීදියේ 'උම්මා අක්කා' නමැති කාන්තාවක් පිළිබඳව තොරතුරු හෙළිවී තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා විදේශ ගතවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම කාන්තාවගේ නිවසේ මාස එකහමාරක පමණ කාලයක් නැවතී සිට ඇත. මොවුන් දෙදෙනාට විදේශගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම උම්මා අක්කා නම් කාන්තාව සිදුකර දී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිලධාරීන් පසුගිය දා ඇයව අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව මීට තවත් පුද්ගලයකු සම්බන්ධ බව පවසා ඇතත් ඔහුගේ තොරතරු විමර්ශන නිලධාරීන්ට පැවසීමට ඇය අපොහොසත් වී ඇත. සැකකාරිය මීගමු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now