උමාලිට ලක්ෂ 200කටත් වඩා වටිනා අති සුඛෝපභෝගී නිවසක් තෑගි කරයි..
උමාලි තිලකරත්න කියන්නේ කලා ක්ෂේත්රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ කලාකාරිනියක්. ඇය දක්ෂතාවය දක්වන එක් අංශයක් කියා වර්ග කළ නොහැකියි. ඒ මන්ද යත් ඇය රංගනයටත් ගීත ගායනයටත් නර්තනයටත් නිවේදනයටත් එකසේ දස්කම් පානවා.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් නාලිකා වල විකාශය වු සම්භාව්‍ය ගණයේ ටෙලි නිර්මාණ තුළ ඇය පෑ දස්කම් හේතුවෙන් ම බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය දිනාගැනීමට ඇයට පුළුවන් වුණා. එනිසාම ඇය බොහෝ සම්මානයන් වලට පාත්‍ර වීමට වාසනාවන්ත වුණා. ඇය පිළිබඳව පසුගිය කාලයේදී වැඩිපුරම කතා බහකට ලක් වුණේ ඇයගේ සහ සහ සාරංගගේ විවාහය දෙදරා යාම නිසයි.
මේ වන විට සාරංග දිසාසේකර දිනක්ෂි සමඟ විවාහ වී සිටින අතර ඔවුන්ට ආදරණීය දියණියක් ද සිටිනවා. උමාලි තිලකරත්නගේත් තනිකඩ ජීවිතයට තිත තැබීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බව මේ වන විට ඔබ අප කවුරුත් දන්නවා. ඇය විවාහ වීමට සිටින්නේ මනෝ විද්‍යාව සම්බන්ධ කථිකාචාර්යවරයෙකු සමග බව තමයි අපට ආරංචි වන්නේ. වගේම මේ අවුරුද්දේ පෙබරවාරි මස ඔවුන්ගේ විවාහය පැවැත්වෙන බවත් අපට ආරංචි වෙනවා.
ඔබ අප කවුරුත් දන්නා පරිදි උමාලිගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉතිං තමන්ගේ දියණියගේ ජීවිතය අලුත් විදියට පටන් ගන්න ආශිර්වාද කරමින් උමාලිගෙ පියා ඇයට ඇති සුඛෝපභෝගී නිවසක් තෑගි කර තිබෙනවා. මේ අපූරු සුඛෝපභෝගී නිවස පිහිටා තිබෙන්නේ නුගේගොඩ කියල තමයි ආරංචි වෙන්නේ. ඉතින් පසුගිය වසරේ ඒ කියන්නේ 2021 අප්‍රේල් මාසෙ ඉදන් තමයි මේ අපූරු නිවස උමාලි වෙනුවෙන් ඇගේ සිතැගි පරිදි නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ.
මේ වෙද්දි නම් නිවසේ ඉදිකිරීම් කටයුතු සියල්ලම නිමයි. රුපියල් මිලියන විස්සකට වඩා වැඩි වටිනාකමකින් යුතු අති සුඛෝපභෝගී නිවසක් තමයි උමාලිට පියා හරිම ආදරයෙන් ඒ විදිහට තෑගි කරල තියෙන්නෙ. උමාලිගේ අලුත් මන්දිරයට වගේම ඇයගේ ජීවිතයේ අලුත් වෙනසක් ඉක්මනටම වෙන්න කියලා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |