යුක්රේන් ජනපති රුසියන් යුද්ධය අතරේ ඇමරිකාවට රැගෙන යයි..රුසියාවට කනේපහරක්.(VIDEO)

Russo-Ukrainian War United States of America Ukraine
By Aruna Dec 23, 2022 12:44 AM GMT
Report

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පළමු වරට විදෙස් සංචාරයක නිරත විය.

ඒ, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඔහු සිය මව් රටෙන් පිටව පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

යුක්රේ ජනාධිපතිවරයාගේ පැය 10කට සීමාවූ අමෙරිකානු සංචාරය පිළිබඳව ජාත්‍යන්තර අවධානය දැඩිව යොමුවී තිබෙනවා.

ඒ ඔහු යුක්රේනයෙන් පිටතට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් රහසක්ව තිබීම හේතුවෙන්.

කෙසේ වුවද යුක්රේන ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය මාසයක පමණ කාල සීමාවක් තුලදී සැලසුම් කර ක්‍රියාවට නැංවූ මෙහෙයුමක් බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.

යුක්රේන ජනාධිපතිවරයා ගේ අමෙරිකානු සංචාරය පිළිබඳව අවසන් තහවුරු කිරීම සිදුකර ඇත්තේ පසුගිය සිකුරාදායි.

ඒ අනුව පළමු සැලසුමට අනුව ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුක්රේනයේ සිට පෝලන්ත දේශ සීමාව හරහා දුම්රියෙන් පැමිණ ඇති අතර ඉන් පසුව ඔහුව පෝලන්තයේ පිහිටි Rzeszów ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.

එහිදී අමෙරිකානු ගුවන් හමුදාවට අයත් boyin C-40 ක්ලිපර් වර්ගයේ ගුවන් යානාවකින් යුක්රේන ජනාධිපතිවරයා අමෙරිකාව බලා ගමන් ආරම්භ කර තිබුණා.

යුක්රේන ජනාධිපතිවරයා රැගත් අමෙරිකානු ගුවන් හමුදා යානය උතුරු මුහුදු සීමාවට ඉහලින් පියාසර කරනු ලැබූ ඇති අතර එහිදී එම යානයේ ආරක්ෂාව වෙනුවෙන් නේටෝ සංවිධානයට අයත් ජර්මානු ගුවන් අනතුරු ඇඟවීම සහ පාලන මෙහෙයුම් සිදුකිරීමේ ගුවන් යානාවක් විසින් විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා.

ඒ උතුරු මුහුදේ සැරිසරන රුසියානු සබ්මැරින් වලින් එල්ලවිය හැකි බලපෑම් අවම කිරීමටය. යුක්රේන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අමෙරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව ලබාදී තිබු අතර වොෂින්ටන් අගනුවර බලා පැමිණීමෙන් පසු ඔහුට එරට විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා.

යුක්රේන ජනාධිපතිවරයා මෙහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ව ධවල මන්දිරයේදී හමුවූ ද්විපාර්ශවිය සාකච්ජාවක් පවත්වනු ලැබූ අතර එහිදී සිය හමුදාවන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ප්‍රධානය කිරීමට දුන් සමරු පළකයක් ද තෑගී වශයෙන් ලබාදී තිබුණා.

එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයා අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ කතාවක් ද සිදුකරනු ලැබුවා.

එහිදී ඔහුට හිමිවුයේ විශාල පිළිගැනීමක්.

මෙතනින් වීඩියෝව නරඹන්න?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now