යුක්රේනයේ සිවිල් වැසියන් ඉලක්ක කරමින් ලොවම කම්පා කළ ප්‍රහාරයක්..(VIDEO/PHOTOS)

Accident Ukraine Russian Ukraine and Russian war
By Aruna Feb 28, 2022 10:58 PM GMT
Report

යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා.

රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත "පොකුරු බෝම්බ" හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ.

රුසියාව විසින් පොකුරු බෝම්බ ප්‍රහාර දියත් කිරීමට පෙර යුක්රේනයේ සිවිල් වැසියන් ජීවත්වෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාර දියත් කරනු ලැබූ අතර එය රුසියාව විසින් යුද අපරාධ සිදුකරනු ලබන බවට යුක්රේන රජය විසින් දැවැන්ත චෝදනාවක් ජාත්‍යන්තරය හමුවේ සඳහන් කර සිටියේ.

ඉකුත් දින දෙකක කාලය තුලදී දැඩි සටන් පැවති යුක්රේනයේ කාර්කිව් නගරය ඉලක්ක කර ගනිමින් පොකුරැ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි යුක්රේන හමුදාවන් සඳහන් කර සිටින්නේ.

2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ කරනු ලැබූ ඔස්ලෝ සම්මුතියට අනුව පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීම වෙනුවෙන් 2020 ජුලී මාසය වන විට ලොවපුරා රටවල් 120ක් අත්සන් තබා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery