යුක්රේනය හමුවේ රුසියාව දැවැන්ත පරාජයක් ලැබීමේ වැඩි ඉඩක්... ප්‍රංශය සහ ජර්මනියත් ගේමට බසී..අලුත්ම ආරංචිය මෙන්න.

Ukraine Russian Putin French Jermaine Russian and Ukraine attack
By Aruna Feb 27, 2022 03:30 AM GMT
Report

යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්‍රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසනවා.

යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ට ඇතැම් විට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි බ්‍රිතාන්‍යය බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි ඇතුළු වාහන 20කට අධික ප්‍රමානයක් කාර්කිව් පළාතේ ගිනි ගෙන විනාශ වී ඇති අයුරු දැක්වෙන වීඩියෝ පෙලක් මේ වන විට හුවමාරු වෙමින් පවතී.

මේ අතර ජේෂ්ඨ අමෙරිකානු නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රුසියානු භට පිරිස් වෙත යුක්රේන ප්‍රහාර හමුවේ සැලකිය යුතු හානියක් සිදුව තිබෙන බවයි.

මේ අතර සෑම ප්‍රදේශයකින්ම යුක්රේන අගනුවර ඉලක්ක කර ගෙන ඉදිරියට ඇදෙන ලෙස මොස්කව් බලධාරීන් ඊයේ සවස සිය හමුදාවන් වෙත අණ ලබාදී තිබෙනවා.

මේ අතර සිය රටවැසියන්ට සිය දුරකථන වල ඇති තමන් සිටින ස්ථානය සොයා ගැනීමේ පහසුකම් දැක්වෙන මෘදුකාංගයන් වහාම අක්‍රිය කරන ලෙසත් යුක්රේන නගරවල ඇති මාර්ගවල නම් දැක්වෙන නාම පුවරු ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසට යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

රුසියාව වසන් සිදුකරනු ලබන යුක්රේන ආක්‍රමණයේ දී ඔවුන්ට දෛනිකව ඩොලර් බිලියන 15ක් වියදම් සිදුකිරීමට සිදුවන බවයි.

තවත් දින 10ක කාලයක් යුක්රේන හමුදාවන් රුසියානු ආක්‍රමණයට සාර්ථකව මුහුණ දුනහොත් එය රුසියාවේ පරාජයට ප්‍රධාන කරුණක් වන බවයි යුද විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර තිබෙනවා.

ජර්මනිය විසින් සිය භයානක ආයුද හුවමාරු කිරිමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇත.

ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now