එක්සත් රාජධානියට අපනයන කරන භාණ්ඩ රැසකට තීරු බදු සහන - ශ්‍රී ලංකාවට විසල් සහන අවස්ථාවක්..ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් ..!
ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරණ උත්සාහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් පණිවුඩයක් යොමුකරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි.
ආර්ථික හා සමාජයීය අභියෝගතාවල දී ශ්‍රී ලංකා ජනතාව සමග බ්‍රිතාන්‍ය අඛණ්ඩව කටයුතු කරන බව ද බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන් ම, එක්සත් රාජධානියට අපනයනය කරන සමස්ත භාණ්ඩ වලින් ම බහුතරයක් සඳහා තීරු බදු රහිත ප්‍රවේශයන් මගින් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදී ඇති බව ද බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත එවූ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |