ජනපති රනිල් පෙරදී අගමැති ධුරයෙන් ඉවත් නොවූ හේතුව කෝලිත හිමි හෙළිකරයි

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Sewvandhi Sep 24, 2022 11:58 AM GMT
Report

තමාගේ එකම දේපළ පවා ගිනි තබපු අවස්ථාවේදී ජනාධිපතිවරයා බුදු දහමට අනුව කටයුතු කළ බව ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් පවසයි. ඊයේ පැවැති උත්සවයකදී පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් ඒ බව පැවසීය. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ කිරිගරුඬ චෛත්‍ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුකෙරුණි.

මෙම කිරිගරුඬ වෛත්‍යය මියන්මාර රජය විසින් වාලුකාරාමය වෙත පරිත්‍යාග කර තිබේ. චෛත්‍ය නිරාවරණය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත හිමි,

"ජනාධිපතිතුමාට ගොඩාක් චෝදනා තිබුණා.. සංස්කෘතියට ආගමට සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා. හැබැයි එතුමා අගමැති ධුරයේ කටයුතු කරන කාලයේ පුද්ගලික නිවස ගිනි තැබුවට පසු එතුමා බුදු දහම සමග කටයුතු කරන ආකාරය හැමදෙනාම දුටුවා."

"එතුමා බෞද්ධ දර්ශනය සමග කටයුතු කරන කෙනෙක්. අපි දැක්කා එතුමාගේ නිවසේ තිබූ ත්‍රිපිටකය පවා ගිනිතියලා තිබුණා. නිවස පුරාම දැකකේ බුදු පිළිම." "එතුමාට මේ රටේ ඉන්න බැරිවෙන තරමටම පහර ගැහුවා. ඒත් එතුමා සලුන්නැහැ."

"එතුමාගේ නිවස ගිනිතිබ්බ නිසාම තමයි එතුමා අයින් වුණෙත් නැත්තේ. නැත්තම් මම දන්න තරමට අයින් වෙන්න හිටියේ." "ජනාධිපතිතුමාගේ තිබුණු එකම දේපළ තමයි ගිනිතිබ්බේ."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now