උඩුවේ ධම්මාලෝක හිමියන්ට වරෙන්තු..!

Sri Lanka
By Sewvandhi Sep 28, 2022 10:25 AM GMT
Report

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(28) වරෙන්තුවක් නිකුත් කළා. ඒ උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතීත්වය දරන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් තමන්ට කරදරයක් වන අයුරින් කටයුතු කළ බවට එල්ල වූ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙන්.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ නො සිටි අතර නඩුව එළඹෙන ඔක්තෝබර් 31 වැනිදා යළි කැඳවීමට ද තීරණය කෙරුණා. එ හිමියන්ට විරුද්ධව අදාල නඩුව ගොනු කරනු ලැබුවේ ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් ධුරයෙහි කටයුතු කරන මිලින්ද මොරගොඩ, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ෂව 06කින් වන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය ප්‍රකාරව ප්‍රදේශයේ සිදුවන ශබ්ද දූෂණය වැලැක්වීම සඳහා අධිකරණයේ බලය ඉල්ලා සිටියා.

ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් වන විස්තීරණ ශබ්දවලට සවන් දීමට තම අකමැත්තෙන් කටයුතු කළ බව පැමිණිලිකරුවන් හයදෙනා වන ගාවින්ද ජයසිංහ, වෛද්‍ය කාලිංග කළුපෙරුම, ඩිරේන් ආර්. හලොක්, මිලින්ද මොරගොඩ, කමලේෂ් ජෝන්පිල්ලෙයි සහ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට දන්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now