සුරූපී නිළි උදයන්ති කුලතුංග මව් පදවිය ලබයි - සමාජ මාධ්‍යයට එක් කළ අලුත උපන් බිළිඳියගේ ඡායාරූප මෙන්න..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sewvandhi Nov 14, 2022 03:54 PM GMT
Report

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා. කොහොම නමුත් කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා.

ඉතින් ඒ වගේම කවදාවත් විවාහ වෙන්නෑ කියපු ඇය පහුගිය කාලයේ නීතිඥවරයෙකු සමඟින් යුග දිවියට පිවිසුණු බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ විදිහට කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගත කරන උදයන්තිගේ පුංචි කැදැල්ලෙන් අහන්න ලැබුණු සතුටුදායක පුවතක් ගැනයි අපි මේ විදිහට ඔබට කියන්න යන්නේ.

ඉතින් තවමත් බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට ජනප්‍රිය නිලි උදයන්ති කුලතුංග මේ වෙද්දී උතුම් මව් පදවිය ලබලා තියෙනවා. ඉතින් ඒ ආදරණීය සිඟිති දියණියක් මෙලොවට බිහි කරමින්. ඉතින් මේ ආදරණීය දියණියත් එකතු කරගෙන උදයන්ති පහුගිය දවසක ඇයගේ ආදරණීය සැමියාගේ උපන්දිනය සමරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ම ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තිබුණා. ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලට කිරි සිනහව අරගෙන ආව චුටි දියණියගේ නම තමයි යාරා. ඉතින් උතුම් මව් පදවිය ලබපු උදයන්ති කුලතුංගට අපිත් හදවතින්ම සුබ පතන ගමන් හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery