තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් අත්අඩංගුවට

Udhayanidhi Stalin Trisha Latest Headlines Sinhala news C Joseph Vijay
By R.rishma Aug 04, 2026 06:58 AM GMT
Report

මෑතකදී පැවති දේශපාලන රැලියකදී මහ ඇමති සී. ජෝසප් විජේ ඉලක්ක කරගෙන අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ගොනු කළ පළමු තොරතුරු වාර්තාව (FIR) අනුව, DMK නායක සහ තමිල්නාඩු විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් අද (04) චෙන්නායිහි පිහිටි ඔහුගේ නිවසේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රැලිය අතරතුර ආධාරකරුවන් විසින් රංගන ශිල්පිනි ත්‍රිෂා සම්බන්ධයෙන් සටන් පාඨ ප්‍රකාශ කිරීමත් සමඟ සිද්ධිය තවත් මතභේදාත්මක වී ඇත.

ඒ සම්බන්ධයෙන් පාලක තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ජාතික කාන්තා කොමිසම ද මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.