"උගුලක්.. ඔය උගුලට අහු වෙන්න නම් එපා.." - අටවපු උගුලක් ගැන ගම්මන්පිල කියන දේ.. (VIDEO)
Sri Lanka Politician
Udaya Gammanpila
Latest Headlines
By krishani
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) පැවති මාධ්‍ය හමුවක දී ය.
රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව, ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවේද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව එහිදී ඔහු පැවසීය.
කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උගුලක් බවත් එය ජන්ද අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයක් බවත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කියා සිටියේ ය.
වීඩියෝ දර්ශන - Ada Derana