21ට පාර්ලිමේන්තුවේ සිටිමට නොහැකි වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ප්‍රබලයෙක් ගත් තීරණය..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Udaya Gammanpila
By krishani
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දින ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පාර්ලිමේන්තුවට ලිපියක් යොමුකර ඇත.
ඡන්ද විමසීමට සහභාගි නොවුණු මන්ත්‍රීවරුන් සියලු දෙනා තමන් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූයේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීමේ යුතුකමක් පවතින බව ඔහු එමඟින් සඳහන් කර ඇත.
තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානවලට අනුව මන්ත්‍රීවරයා මෙම ලිපිය පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර ඇත.