ලංකාවේ නීති හදන්න ලෝක ආයතන දෙකක් වැඩ පටන් ගනී.

Ranil Wickremesinghe Government Of Sri Lanka World Bank Sagala Ratnayaka
By Wayomi Feb 17, 2024 11:17 AM GMT
Report

නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා ඇමරිකානු ආධාර වැඩසටහන එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ, ජනපති රනිල් වික්‍රමසිංහගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහායි.

මේ අනුව මෑත කාලයේ විශ්‍රාම ලැබූ නීති කෙටුම්පත් සම්පාදකයින්ට සහ නීති පරිවර්තකයන්ට ලෝක බැංකුව සහ ඇමරිකා ආධාර වැඩසටහනින් වැටුප් හා දීමනා ගෙවා ඔවුන් සේවයට බඳවා ගැනීමට මෙහිදී තීරණය වී ඇති බව සඳහන්.

ලෝක බැංකු නිලධාරීන් හා ඇමරිකා ආධාර වැඩසටහනේ (USAID) නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.

එහිදී මූලික පියවර ලෙස නීති කෙටුම්පත් සාම්පාදකයින්ගේ හා නීති පරිවර්තකයින්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට තීරණය වී ඇත.

නව ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ නව නිතී සම්පාදනය කිරීමටත්, පවතින නීති සංශෝධනය කිරීමටත් තීන්දු වී ඇති නමුත් ඒවා කඩිනමින් ඉටු කිරීමට අදාල පුරප්පාඩු බාධාවක් බව සාකච්ඡා වී ඇති අතර ඉතා ඉක්මනින් මෙම කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අදාල ආයතන දෙකේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.