පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනාට සයනයිඩ් දාපු කිරි දීලා. - CCTV දර්ශන සහිතයි. (VIDEO)
ආදුරුප්පුවීදිය පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ රෝගී වී සැකකරුවන් දෙදෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
පොලිසිය සැක පළ කරන්නේ, සැකකරුවන් දෙදෙනාට කිසියම් පුද්ගලයෙකු සයනයිඩ් මිශ්‍ර කිරි වර්ගයක් ලබාදී ඇති බවයි.
ඒ, අනුව සැකකරුවන් දෙදෙනාට විෂ සහිත කිරිපැකට් ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් පවතී.
අදාල පුද්ගලයා ආදුරුප්පුවීදිය පොලිසිය ආසන්නයේ වෙළදසැලකට ගොස් රුපියල් 5000 මුදල් නෝට්ටුවක් මාරු කර ගන්නා ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇත.
කෙසේ වෙතත් සිද්ධියට අදාළව එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ වැඩබැලූ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පසුගිය ජනවාරි මස 23 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ආදුරුප්පුවීදීය පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටි අතර මොවුන් බැලීම සඳහා ඊයේ දහවල් එක් සැකකරුවෙකුගේ බිරිඳක් සහ තවත් පුද්ගලයෙකු පොලිස් ස්ථානයට පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.
එම පුද්ගලයා විසින් කිරි වර්ගයක් ඔවුන්ට ලබාදී ඇති අතර එය පානය කිරීමෙන් පසුවයි මොවුන් සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කරනු ලැබුවේ.