පාසලෙන් රෝහලට යන්න වුණ ඇඟ හිරි වැටෙන අනතුර - නොහිතපු වෙලාවක කඩන් වැටිලා..

Hospitals in Sri Lanka Accident School Incident Latest Headlines
By krishani Mar 23, 2024 05:45 PM GMT
Report

මහනුවර ජාත්‍යන්තර පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු ඊයේ (22) මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ එම පාසලේ සිවිලිමේ සවිකර තිබු විදුලි පංකාවක් කඩා වැටීමෙන් තුවාල ලැබිම හේතුවෙන් ය.

එම සිදු වූ අනතුරින් එක් සිසුවෙකුගේ ඇසකට සහ අනෙක් සිසුවාගේ හිසට තුවාල සිදුව ඇති බව වාර්තා විය.

පසුගිය දින කිහිපය තුළ කඩා වැටුණු සිවිලිමේ විදුලි පංකාව එහි විදුලි රැහැන්වල පැටලී පැද්දෙමින් තිබී ඇත.

ඒ අනුව දරුවන්ට ඇති අවදානම පිළිබඳව පාසල් පාලනාධිකාරිය දැනුවත් කළ ද එම විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට කිසිවකුත් කටයුතු කර නොතිබුණු බව දෙමව්පියෝ සඳහන් කළේ ය.