යතුරුපැදියක් හොරකම් කළ සිසුන් දෙදෙනාගේ සැලසුම වැරදුනු හැටි - සියල්ල කැමරාවේ සටහන් වෙයි - (CCTV VIDEO)
පොලීසිය ඊයේ (31) ගෙළිඔය නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් සොරකම් කර විකිණීම සඳහා එය දංගොල්ල ඌරාවල ප්‍රදේශයේ නිවසක සඟවා තැබූ බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ, සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු පිරිවෙනක අධ්‍යාපනය ලබන බවත් අනෙක් සිසුවා මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලබන බවත් ය.
මෙහි එක් සිසුවෙකු යතුරු පැදිය හිමිකරු ගේ නිවස අසළ පදිංචි බව පොලීසිය පවසයි.
පිරිවෙන් අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවා පසුගිය 29 දින රාත්‍රි 12.00 ට පමණ පහළොස් හැවිරිදි ඔහු ලබාදුන් තොරතුරු ඔස්සේ පැමිණ යතුරු පැදිය සොරාගෙන තිබෙන තිබේ.
පොලීසිය සදහන් කරන්නේ, සොරාගත් යතුරු පැදිය දංගොල්ල ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පදවාගෙන ගොස් සැඟවීමෙන් පසු සිසුන් දෙදෙනා වට්ස් ඇප් ඔස්සේ එය විකිණීම සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගෙන තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන (74826) සූරියගොඩ, සේනානායක ( 88634) , සඳරුවන් (99962) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සොරකම් කරන ලද යතුරු පැදිය එක් සිසුවෙක් පදවාගෙන යන අයුරු ගෙළිඔය සිට දංගොල්ල දක්වා ඇති සී.සී.ටී.වී කැමරා කිහිපයකම පටිගත වී තිබෙන බවත් එහි අංක තහඩු ගලවා ඉවත් කිරීමට මෙම සිසුන් කටයුතු කර තිබෙන බවත් පොලීසිය පවසයි.