දෙයියනේ.. සිත් පිත් නැති පාපතරයින් දෙන්නෙක් මල් කැකුළකට කළ අහස පොළොව නුහුලන අපරාදය..

Sexual harassment India Latest Headlines
By krishani Apr 13, 2024 05:07 PM GMT
Report

අවුරුදු 5ක් වයසැති දියණියක් දූෂනය කළ කුරිරු පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයෙන් වාර්තා වේ.

දෙයියනේ.. සිත් පිත් නැති පාපතරයින් දෙන්නෙක් මල් කැකුළකට කළ අහස පොළොව නුහුලන අපරාදය.. | Two Person Arrested At India

මෙම සිද්ධියට සම්බන්ධව 22 සහ 24 හැවිරිදි කම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් 24 හැවිරිදි මුරාරි කුමාර් සහ 22 හැවිරිදි අප්නේෂ් කුමාර් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා, දැරිය සහ සිය පවුලේ අය සමඟ නැවතී සිටි ඉදිකිරීම් භූමියේ සේවය කර නැවතී සිට ඇත.

ඇගේ පියා එම ස්ථානයේම ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වේ.

දූෂනයට ලක් වූ මෙම දැරිය රෝහල් ගත කර තිබුණ ද ඇය ඒ වනවිටත් මෙලොව හැරගොස් සිටි බවට රෝහල් ප්‍රකාශක‍යෙක් සඳහන් කර තිබෙනවා.