පරිස්සමෙන්.. දුම්රියේ ඇති වූ කලබලය නිසා තිදෙනෙක් රෝහලේ..
Hospitals in Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
Latest Headlines
By Sithumi
කොළඹ කොටුවේ සිට ගම්පහ දක්වා දුම්රියෙන් ගමන් කළ තරුණියකට කොටුව දුම්රිය ස්ථානයෙන් හුණුපිටිය දක්වා පමණක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබීම නිසා ඇයව ගම්පහ දී පරීක්ෂාවට ලක් කළ පරීක්ෂකවරුන් දඩමුදලක් බව පවසා මුදලක් අයකිරීමට උත්සාහ කර තිබෙනවා.
එහි දී ඇති වූ ගැටුමකින් තරුණියගේ සහෝදරයකු සහ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ බව අප කළ විමසීමක දී දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසුවා.