දේශපාලන ප්‍රබලයින් දෙපළක් සමගි ජන බලවේගයට..

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Latest Headlines
By krishani Feb 16, 2024 05:15 PM GMT
Report

සමගි ජන බලවේගය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි තිලකසිරි මහතා සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ගාමිණි සිල්වා මහතා එක් ව තිබෙනවා.

දේශපාලන ප්‍රබලයින් දෙපළක් සමගි ජන බලවේගයට.. | Two People For Samagi Jana Balegawa

ඒ අද (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 100 වැනි අදියර යටතේ බොරලැස්ගමුව මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ දී ය.