නව මදුරු විශේෂ ද්විත්වයක් මෙරටින් සොයා ගනී..

Sri Lanka
By krishani Oct 16, 2022 01:01 AM GMT
Report

ලංකාවෙන් නව මදුරු විශේෂ දෙකක් හඳුනා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව ඇත.

මීරිගම සහ කළුතර යන ප්‍රදේශවලින් සොයා ගැණුනු මෙම නව මදුරු විශේෂය කියුලෙක්ස් සින්ටෙලස් නමින් හඳුන්වන බව කීට විද්‍යාඥයන් පෙන්වා දෙයි.

තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් ද මෙම මදුරු විශේෂය වාර්තා වී ඇත.කෙසේවෙතත් ඔවුන් රෝග වාහකයෙක් ද යන්න සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්ටමේ පවතියි.

ඔවුන් විසින්ම කියුලෙක්ස් නියර් ඉන්ෆියුලා නම් මදුරු විශේෂයක් ද මෙරටින් හඳුනාගෙන ඇත.එම මදුරුවා ඉන්දියාවේ මොලේ මැලේරියාව රෝගය බෝ කරන කියුලෙක්ස් ඉන්ෆියුලා මදුරු විශේෂයට සමාන මදුරු විශේෂයක් බවට හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් එම මදුරු විශේෂය ද මෙරට තුල රෝග වාහකයෙක් ද නැද්ද යන්න තවමත් පර්යේෂණ මට්ටමේ පවතියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join