ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නව පත් කිරීම් ද්විත්වයක් - විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTOS)
උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත.
ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇත.
එයට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් මහතා උතුරු පළාතේ අමාත්‍යාංශ රැසක ලේකම් ධුරය මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හොබවා ඇත.
ඒ මහතා උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්වීම් ලබන අවස්ථාව වන විට ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
එමෙන්ම, නව පත්වීම ලැබීමට පෙර දීපිකා කේ. ගුණරත්න මහත්මිය දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ බව සඳහන් ය.
