කොට්ඨාස රැස්වීම් 4,000ක් පැවැත්වීමට පොහොට්ටුව සූදානම්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිවයින පුරා ශාඛා සමිතිවලින් සියයට 60ක් මේ වන විට පිහිටුවා අවසන් කර ඇති බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා පවසනවා.
පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම, ශ්රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත සංවිධානවලින් සියයට 50ක් ද මේ වන විට පිහිටුවා අවසන් කර ඇති බව ඩී.වී. චානක මහතා වැඩිදුරටත් ප්රකාශ කළා.
පක්ෂයට අනුබද්ධිත සංවිධානවල ප්රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
දැනට පිහිටුවා නොමැති ඉතිරි ශාඛා සමිති සියයට 40ක ප්රමාණය ලබන වසර ආරම්භ වන විට පිහිටුවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ඩී.වී. චානක මහතා පැවසුවා.
තවද, ලබන වසරේ මැද භාගය වන විට කොට්ඨාස මට්ටමේ රැස්වීම් 4,000ක් පැවැත්වීම අවසන් කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව, දිවයින පුරා පක්ෂ සංවිධාන ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරි කාලයේදී මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට නියමිතයි.