අකුණු සැර වැදී දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයයි..
Accident
Sri Lanka
Weather
Two killed in lightning strike
Aanamaduwe
By Aruna
ධිවර කටයුතු සදහා පුල්මුඩේ කලපුවකට ගොස් සිටියදි අකුණු සැර වැදි මියගිය දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් අද සොයාගත් බව පුල්මුඩේ පොලිසිය පවසනවා.
මියගිය දෙදෙනා පෙරදින පස්වරුවේ ඉස්සන් කොටුවට ගොස් වර්ෂාව නිසා ඒ අසල වාඩියක රැදි සිටියදි මෙලෙස අකුණු සැර වැදි ඇති බවට මුලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය කරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක 4 පදිංචිකරුවන් වන අබ්දුල් කාදර් අබුබකර් (71) හා අබ්දුල් අසීස් මර්සුක් (39) නැමැති අයයි.
මියගිය දෙදෙනා ආපසු නොපැමිණිම නිසා ඥාතීන් ගොස් බලද්දි අකුණුසැර වැදි මියගිය දෙදෙනාගේ මළ සිරුරු දැක මේ බව පොලිසියට දැනුම් දි තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |