අවසනාවන්ත ලෙස ගසක් කඩා වැටී තිදෙනෙකු ජීවිතක්ෂයට - දෙදෙනෙක් රෝහලේ..!
Update -;
ගසක් කඩා වැටීමෙන් අකුරැස්ස අමලගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව සිද්ධියෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි අයෙක් ද මෙලෙස මියගොස් ඇත.
අනෙක් තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි, පොලීසිය සඳහන් කළේ.
...................................................................................
ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඒ අද (22) පෙරවරුවේ අකුරැස්ස, අමලගොඩ ප්‍රදේශයේදී ය.
එනම් මෙහිදී, අමලගොඩ හන්දිය ප්‍රදේශයේ පිහිටි ගරාජයක් අසල තිබූ ගසක් පැවති තද සුළං තත්ත්වයත් සමග කඩා වැටී ඇති බව සඳහන්ය.
පොලිසිය වාර්තා කරන්නේ, එම අවස්ථාවේදී අසල සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඊට යට වී ඇති බවයි.
ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අකුරැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් අයෙකු මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 65 සහ 28 යන වයස්වල පසුවන අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සෙසු තුවාලකරුවන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වී ඇත.