ශ්‍රී ලාංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්..

COVID-19 Cricket Sri Lanka Cricket Sri Lanka
By krishani Aug 25, 2023 06:52 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ කුසල් ජනිත් පෙරේරාට සහ අවිශ්ක ප්‍රනාන්දුට බවයි සඳහන් වන්නේ.

මේ අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තත්ත්වය තුළ ඔවුන් දෙදෙනාම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර සුවය ලැබිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇති බව ද වාර්තා වේ.