ගැටුමකින් සහෝදරයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට - ගමක් සංවේදී කළ පුවත

Sri Lanka Police Mannar Sri Lanka Crime
By Sithumi Jun 10, 2022 10:53 AM GMT
Report

මන්නාරම,නොච්චිකුලම ප්‍රදේශයේදී අද (10) උදැසන දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ පුද්ගලයින් දෙපිරිසක් අතර වු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවයි. එහිදී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් හා 43ක් වන සහෝදරයින් දෙදෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. ගම්මාන දෙකක් අතර පවතින ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තුවාල ලැබූවන් මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් උයිලන්කුලම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now