කථානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට
SJB
Motion of no confidence
Jagath Wickramaratne
Sinhala news
Colombo politics heat up
By R.rishma
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් තබා තිබෙනවා.
චෝදනා 49ක් පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට නියමිතයි.
පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනවා.