පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 11, 2022 07:55 AM GMT
Report

තමන්ට බදු සහන ලබාදෙන ලෙස පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් නියෝජනය කරන සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ 2018 වසරෙන් පසු සිය සංගමය ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස පිරිවැය ඉහළ ගොස් ඇති බව එම සංගමයේ ජාතික සංවිධායක ජනක් ක්‍රිශාන්ත සහ අනුශාසක සමන් ජයසිංහ  ප්‍රකාශ කළේ ය.