මෙන්න මේ පුස් වර්ගය ගත්තොත් එකෙන්ම ගොඩ.

Healthy Food Recipes
By Wayomi Oct 06, 2022 11:08 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පුස් කියන්නේ අපට අහිතකර දිලීර වර්ගයකනේ.හැබැයි ඔබ දන්නවද ලෝකයේ සමහර පුස් වර්ග තියෙනවා ඩොලර් වලට විකිණෙන. ඉතින් මේ කතා කරන්න යන්නේ ඒ ගැනයි.

🍄 ඒ, දකුණු යුරෝපයේ දකින්න ලැබෙන ලෝකයේ මිල අධිකම පුස් වර්ගය ටියුබර් මැග්නටම් නැමති පුස් වර්ගය.

🍄 මේවා සුදු ට්‍රෆල්, ට්‍රිෆෝලා ඩි ඇල්බා මැඩෝනා,සුදු මැඩෝනා ට්‍රෆල් යන නම් වලින්ද හඳුන්වනවා.

🍄 මේ පුස් වර්ගය ඕනෑම තැනක ලෙහෙසියෙන් හැදෙන වර්ගයක් නම් නෙවෙයි.

🍄 ඒ නිසාම පුස් කිලෝ එකක වටිනාකම ඇමරිකානු ඩොලර් 3000 තරම් ඉහළ අගයක් ගන්නවා.

🍄 මේ ට්‍රෆල් කියන්නේ පොළොවේ භූගතව වැඩෙන දිලීර හතුවලට බෙහෙවින් සමාන පලතුරු වර්ගයක්.


හැදෙන්නේ කොහෙද?

🍄 ඉතාලියේ පීඩ් මොන්ට් කලාපයේ , ක්රොඒෂියාවා ,ටස්කනි වගේ රටවල් කිහිපයකින් පමණයි මේ දුර්ලභ පුස් වර්ගය හොයාගන්න ලැබෙන්නේ.

🍄 ඒ හැරුණාම මෘදු දේශගුණයන් සහිත කලාපවලත් තවත් විවිධ වර්ගයේ ට්‍රෆල් වර්ධනය වන අතර රුසියාවේ, යුක්රේනයේ සහ බෙලරුසියාවේත් සමහර ප්‍රදේශවල ඒවා දකින්නට හැකියි.

🍄 යුක්රේනයේ ඒ හතු ඕක් වනාන්තරවල සහ පතනශීලී බිම්වල, පදුරු වනාන්තරවලත් දකින්න ලැබෙනවා.

🍄 බෙලරුසියාවේ ඒ හතු හමුවෙන ස්ථාන දෙකක් පමණයි .

🍄 ඒවා රතු දත්ත පොතටත් ඇතුළත් නිසා නෙලීම තහනම්.

🍄 මේ මිල අධික පුස් වර්ධනය වෙන්නේ පොළව යට.

🍄 ඒ නිසා එහි සුවඳ ආඝ්‍රාණය කරවපු පුහුණු කළ සුනඛයන් මේ පුස් සොයා ගන්නට යොදාගනු ලබනවා. සුනඛයන්ට කුඩා කාලයේ සිටම ට්‍රෆල් සොයන්නට උගන්වන අතර ඒවායේ සුවඳ දැනෙන සතුන් මේ සඳහා තෝරාගනු ලබනවා.

🍄 මීට අමතරව ප්‍රංශයේ සමහර ප්‍රදේශවල මැස්සන් දඩයම් කිරීම සිදු කරන්නේ ද මේ සුදු ට්‍රෆල් නිසාමයි.

🍄 මොකද වනාන්තරයේ පොළවට ඉහළින් ඇති මැස්සන් රංචුවක් මේ වටිනා අල ඇති ස්ථාන සොයාගනු ලබන නිසා.

🍄 හීලියෝමයිසිඩේ බිත්තර දමන්නේ ට්‍රෆල් පසෙහි වන අතර ඒවායේ කීටයන් හා භූගත ප්‍රණීත ආහාරයක් ගනු ලබනවා.

🍄 මේ සුදු ට්‍රෆල් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 12 ක් පමණ විය හැකියි.

🍄 ඉතින් ඉතාම දුර්ලභ පුස් වර්ගයක් වන මෙහි මිල අධික වෙන්නට බලපාන තවත් හේතුවක් තමයි එහි ඇති දුර්ලභ පෝෂණ ගුණය.

🍄 ඒ වගේම මේ හතු ඉතාමත් අසාමාන්‍ය රසයකින් සහ ප්‍රණිත බවකින් සමන්විතයි.

🍄 ජීව විද්‍යාත්මක ස්වාභාවික භූමියෙන් පිටත වගා කිරීම දුෂ්කරයි.

🍄 මොකද ට්‍රෆල් බීජානු මේ රසවත් දිලීර බවට හරවන්නට වසර 10 සිට 20 දක්වා කාලයක් ගත වෙනවා.

🍄 ඒ වගේම මේ දිලීර වර්ගයට පස තෙතමනය, සමතුලිතතාවය සහ හිරු එළිය යන විශේෂිත සාධක අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසාම මේවායේ මිලත් ඉහළයි. මෙහි වයස සමඟ සුවඳ වැඩි වෙනවා.

🍄 ලෝකයේ තියෙන ට්‍රෆල් විශේෂ ගණනාවක් අතුරින් වඩාත් දුර්ලභ වන මේ සුදු ට්‍රෆල් හැරුණාම කළු ට්‍රෆල් .


සුදු ට්‍රෆල් වල ප්‍රතිලාභ

🍄 ඒ අතරින් ලොව මිල අධික පුස් වර්ගය වන සුදු ට්‍රෆල්වලට ඉහළම රසයක් සහ අද්විතීය සුවඳක් පවතිනවා.

🍄 එහි ඇති විශාලම වාසිය වන්නේ ඒවායේ කොලෙස්ටරෝල් රහිත සහ මේද ප්‍රමාණය අඩුවීමයි.

🍄 ඒ වගේම මෙහි ප්‍රෝටීන් බහුලයි. එහි ප්‍රෝටීන් අන්තර්ගතය 20 – 30 අතර වෙයි.

🍄 තන්තු මට්ටම ඉහළ අතර බොහෝ විටමින් වර්ගත් ද එහි අන්තර්ගතයි . සූප ශාස්ත්‍ර ඉතිහාසයේ ජනප්‍රිය වූවකි මේ ට්‍රෆල්.

🍄 මේ හතුවලින් විවිධ කෑම වර්ග සාදාගත හැකි අතර ඒවා ස්ටූ කර සෝස්වලට එකතු කළ හැකියි. ඒ හැර වෙනම ආහාරයක් ලෙසටත් සකස් කරගත හැකියි.

🍄 ට්‍රෆල් හතු රූපලාවන්‍ය විද්‍යාවේදී ද භාවිතා වෙන අතර මුහුණ සහ අත්වල සම සඳහා ක්‍රීම් සඳහා ඉතාලි රූපලාවන්‍ය ශිල්පීන් ට්‍රෆල් සාරය භාවිතා කරනු ලබනවා.

🍄 මෙම හතු වැඩි කාලයක් ගබඩා කර තබා ගත නොහැකි ආහාරයක්. ඒ නිසා ඒවා එදිනම ආහාරය සඳහා භාවිතා කළ යුතු වෙනවා.

🍄 නමුත් නැවුම් ලෙස ගත් ට්‍රෆල් වැලිවලින් ආවරණය කර තෙත් ස්වාභාවික රෙද්දකින් ආවරණය කර සිසිල් ස්ථානයක තැබීමෙන් එය දින 25 ක් පමණ තියාගන්න පුළුවන්.

🍄 ලොව මිල අධිකම හතු රුසියානු අවන්හල්වල ග්‍රෑම් එකකට මනින අතර රූබල් 500- 1000 දක්වා පරාසයක් පවතිනවා. ග්‍රෑම් 100 ක් බර මේ හතුවල කොටසක් සඳහා සාමාන්‍යයෙන් රූබල් 75 000 ක් වැය කළ යුතුයි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGallery