ප්‍රවාහන කේෂ්ත්‍රයේ දැවැන්ත වෙනසක් - ඇමතිගෙන් ප්‍රකාශයක්..!

Bandula Gunawardane Sri Lanka Transport Fares In Sri Lanka
By Sewvandhi Jul 05, 2023 03:12 AM GMT
Report

ප්‍රවාහන වෘත්තීය සමිති පවසන්නේ, ප්‍රවාහනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුලික අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.

ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා මගී ප්‍රවාහනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව සඳහන් කළේය.

"මෙහි ප්‍රධානම ගැටලුම ප්‍රවාහනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම. මේ සම්බන්ධයෙන් ප්‍රධාන වෘත්තීය සමිති අමාත්‍යවරයාව දැනුවත් කළා. අවුරුදු 25කට පරණ ජාතික ප්‍රතිපත්තිය තුළින් මේ රටේ හෙට දවසේ ප්‍රවාහන සැලස්මක් නිර්මාණය කරන්න අපිට හැකියාවක් නෑ.

ඒ නිසා රටට ගැළපෙන ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් පවත්වාගැනීමට හැකි අලුත් තාක්ෂණය යොදාගෙන, නවීන ප්‍රවාහන සැලස්මක් ගොඩනැගීමට නම් නව ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට අමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නා. නොවැම්බර් මාසයේ දී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ මුලික අඩිතාලම දානවා කියලා එතුමා අපිට එකඟතාවය පළ කළා."