තීරෝද රථ සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ තීරණයක්

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sithumi Jun 03, 2022 02:39 PM GMT
Report

ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (3) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමට ද අගමැතිවරයා මෙහිදී එකඟත්වය පළ කළේය. 

 රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් බව අවශ්‍ය බව ද අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ නියොජිතයන් සමග ද අග්‍රාමාත්‍යවරයා මෙදින සාකච්ඡාවක් කළ අතර ඉන්ධන පිරවුම්හල් වල ආරක්‍ෂාව සැපයීම සහ ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම පිළිබඳ එහිදී කතාබහට ලක් වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now