නවතම සමාජ මාධ්‍ය ජාලය " Truth Social" ලෙස එලිදකී - ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය තහනම් කළ අයෙක් නිපදවයි..
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා තිබේ.
එය එළිදක්වා ඇත්තේ ඇපල් App Storeහිය. එම සමාජ මාධ්‍ය මෙවලම ඇණවුම් කර සිටි ග්‍රාහකයින්ගේ ඇපල් මෙවලම් සඳහා "Truth Social" ලෙස නම්කර ඇති එම සමාජ මාධ්‍ය මෙවලම ඉබේම ඩවුන්ලෝඩ් වෙයි.
පසුගිය වසරේ ලොව ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ව තහනම් කළේය. ඉන් අනතුරුව තමාගේම සමාජ මාධ්‍ය ජාලයක් එළිදක්වන බව ට්‍රම්ප් පැවසීය.
එම නව මෙවලමට දැඩි ඉල්ලුමක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. වොෂිංටන් "යූඑස් කැපිටෝල්" ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් 2021 ජනවාරි 06 වනදා කඩා වැදීමේ සිද්ධියෙන් අනතුරුව ට්විටර්, ෆේස්බුක්, සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ව තහනම් කළේය.
සමාජ මාධ්‍ය යොදාගෙන එම උද්ඝෝෂකයින්ව උසී ගැන්වූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි. ඔහුව තහනම් කෙරුණේ ඉන් අනතුරුව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |