අවුරුදු සමරන්න ගම්බිම් බලා ගිය අයට නැවත එන්න විශේෂ ප්‍රවාහන සේවා අද සිට..

Colombo Sri Lanka
By krishani Apr 15, 2023 03:30 AM GMT
Report

අද (15) සිට, අලුත් අවුරුදු සදහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ දුම්රිය කිහිපයක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ ය.

එය එළැඹෙන 17 වැනි දා දක්වා ක්‍රියාත්මක ය.

එමෙන්ම අද සිට ගම්බිම් බලාගිය ජනතාවට කොළඹට පැමිණීමට බස් රථ ද යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස පැවසීය.

කෙසේවෙතත්, අද දින 10%ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join