රාජ්‍ය සේවක පිරිසකට අනිවාර්ය ස්ථාන මාරුවීම්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Dec 17, 2022 04:36 AM GMT
Report

එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් හා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවල දී සලකා බලන ලද ස්ථානමාරු නොකිරීමට විශේෂ හේතුවක් ඇති නිලධාරීන් හැරුණු විට එක් ග්‍රාම නිලධාරී වසමක වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අනෙක් සියලු ග්‍රාම නිලධාරීන් ස්ථාන මාරු කිරීම අනිවාර්ය වේ.

ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා දී ඇත.

ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කළද වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත්කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල සිටී නම් ඔවුන්ට ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join