ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු..!
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.
2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන්ය.
ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්.සේනාරත්න මහතා මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන ලෙස ස්ථාන මාරු කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.