වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ලොකු තනතුරු 03ක් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයක්..
Sri Lanka Police
Latest Headlines
Decision Making
By krishani
ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ස්ථාන මාරු ලබා දීමට යි.
වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු ලබාදී ඇති බව සඳහන් වේ.
ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි කේ.කඩුපිටිය මහතා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
එමෙන්ම යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එ. එම්. සෙනරත් මහතා එම තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
තව ද, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ එ .කේ ජයසිංහ මහතා යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සඳහා පත්කර ඇති බව වාර්තා වේ.
Sponsored By Sarrita Jewellery