දුම්රිය ගාස්තුවත් වැඩි කරයි?..ඇමතිගෙන් ප්‍රකාශයක්...

Bandula Gunawardane Sri Lanka Train Crash
By Aruna Jun 08, 2022 06:30 AM GMT
Report

දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අවම වශයෙන් බස් ගාස්තුව මෙන් භාගයක්වත් දුම්රියට අයකළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඉන්ධන මිල විශාල ලෙස වැඩිවී ඇති බවත් ඒ අනුව දුම්රිය ධාවනය කිරීම අපහසු තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රියක් රාත්‍රියට ධාවනය කිරිම වෙනුවෙන් මේ වන විට අවධානය යොමුව ඇතත් ඒ සඳහා ඉන්ධන සඳහා පමණක් ලක්ෂ 13ක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙහිදී ආසන 500ක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 2000ක් අයකළත් ලැබෙන්නේ ලක්ෂ 10ක මුදලක් බවත් ඒ අනුව ලක්ෂ තුනක පමණ අලාභයක් දැරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now