රත්මලාන ගුවන්තොටුපළේ හදිසි අනතුරක්

Accident Latest Headlines Sinhala news gagana news
By R.rishma Aug 25, 2026 09:04 AM GMT
Report

රත්මලාන ගුවන්තොටුපළේ සිට ක්‍රියාත්මක වන පියාසර පුහුණු පාසලකට අයත් සෙස්නා 152 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද (25) ගුවන්තොටුපළට දැඩි ගොඩබෑමකට ලක්ව තිබේ.

4R-DRA ලියාපදිංචි අංකය සහිත මෙම ගුවන් යානය ගොඩබෑමේදී අනතුරට ලක්වීමෙන් හානි සිදුව ඇති අතර, එහි නියමුවා කිසිදු තුවාලයකින් තොරව දිවි ගලවාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ.

මේ වන විට අනතුරට ලක්වූ ගුවන් යානය එම ස්ථානයෙන් ඉවත් කිරීම සහ බලපෑමට ලක්වූ ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව සඳහන් වේ.