අවිස්සාවේල්ල කෝච්චිය යථා තත්වයට
                                    
                    Sri Lanka Railways
                
                                                
                    Train Strike
                
                                                
                    Department of Railways
                
                                                
                    Railways
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබු කොළඹ හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය දින පහකට පසු අද (7) සිට සාමාන්‍ය තත්වයට පත් වූ බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
පසුගිය දා පැවති අධික වර්ෂාව හේතුවෙන් වග මාබුල ප්‍රදේශයේ දුම්රිය පාලමක් නායයෑමට ලක්වීමෙන් මාර්ගයේ දුම්රිය ධාවනය ඉකුත් 3දා සිට කොළඹ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරිණි.
නායයෑමට ලක් වූ දුම්රිය පාලම දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් හා සේවකයන් විසින් අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව අද සිට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.