දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jul 23, 2022 12:49 PM GMT
Report

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (23) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ අනුව පැය 48ක සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බවයි ඔවුන් ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර අද සිට ඉහළ නංවා ඇති දුම්රිය ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක නොකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කළ නොහැකි බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය මීට පෙර සඳහන් කළේ. එය ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ එය ලබන පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

ඒ අනුව අද සිට පැරණි මිල ගණන් යටතේ ප්‍රවේශපත් ලබා දෙන ලෙස සිය සාමාජිකයින් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් අද සිට ඉහළ නංවා ඇති දුම්රිය ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක නොකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now