දුම්රිය ගමන් වාර රැසක් අද නවතී..මඟීන්ට විශේෂ පණිවුඩයක්..
Strike Sri Lanka
Sri Lanka Railways
Train Strike
Department of Railways
Railways
By Aruna
දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට අද දිනයේ ද බාධා එල්ලව තිබෙනවා.
මේ අනුව, දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර, ඊයේ (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කිරීමට පියවර ගෙන තිබුණා.
දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බවයි වාර්තා වන්නේ.