දුම්රිය ගමනාගමනය නතර කෙරේ..? මගීන්ගේ ජීවිතත් අනතුරේ..

Bandula Gunawardane Sri Lanka Railways Department of Railways Railways
By Sewvandhi Jan 20, 2024 12:57 PM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, 2023 වර්ෂයේදී දුම්රිය පීලිපැනීම් 110ක් සිදුවී ඇති බවයි.

දුම්රිය මාර්ග 57ක පීලිපැනීම් සිදුවී ඇති අතර අනෙක් පීලිපැනීම් 53 සිදුවී ඇත්තේ අංගනවල බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උඩරට දුම්රිය මාර්ගයේ පීලිපැනීම් 26ක් සිදුවී ඇති අතර ඔක්තොම්බර් සහ දෙසැම්බර් මාසයේ පීලිපැනීම් 06 බැගින් සිදුවී ඇති බව ද සඳහන් ය.

මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ,

"පීලි පැනලා ඉතුරු වුණොත් ඇති. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලි අවුරුදු 5න් 5ට මාරු කරන්න ඕනේ. මුහුදු වතුරට ඒක දිරනවා. පීලි ලංකාවේ හදන්නේ නැහැ. ආනයනය කරන්න ඕනේ. ආනයනය කරන්න ආණ්ඩුවට මුදල් වෙන් කරන්න බැහැ. විදේශ ණය ආධාර නැතුව එක පීල්ලක්වත් ගන්න බැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයකට බිලියන 10කට වඩා පාඩුයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් අරගෙන පීලි ගෙනල්ලා දැන් ගොඩබාලා තියෙනවා. ඒ පීලි ටික දාගෙන යනවා." "උඩරට මාර්ගයේ පීලි පැනීම්වලටත් හේතුව ඒකයි. විසඳුමක් නැහැ. පීලි අලුතෙන් දානකම් අනතුරුදායක මාර්ග තිබෙනවා. පාලම් 30ක් තිබෙනවා... කඩාවැටීමට ආසන්න. ඒ පාලමක් කඩාවැටුණොත් විශාල අනතුරක් වෙයි."

Sponsored By Sarrita Jewellery

දුම්රිය ගමනාගමනය නතර කෙරේ..? මගීන්ගේ ජීවිතත් අනතුරේ.. | Train Services Will Be Suspended