දුම්රිය ධාවනයට හෙට මොකක් වෙයි ද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Strike Sri Lanka Sri Lanka Railways Train Strike Department of Railways Latest Headlines
By krishani Jul 12, 2024 03:49 PM GMT
Report

මේ වන විට දුම්රිය ස්ථානාධිපති හා පාලකවරුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

දුම්රිය ධාවනයට හෙට මොකක් වෙයි ද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | Train Running 13Th July 2024

නමුත් තවමත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව නොමැත බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ධාවනය හෙට දිනය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

අද(12) පෙරවරුවේත් දුම්රිය කාල සටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීය.

ඒ හේතුවෙන් මගීන් දුෂ්කරතාවට පත්වුණ අතර දින 2ක් පුරා පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ පාලකවරුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරිණ.

ඒ හිටපු කථානායක කරූ ජයසූරියගේ නිවසේ දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ය.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ වර්ජනය අවසන් නොකළ සේවකයින් සේවය හැරගියා සේ සළකා ලිපි නිකුත් කළ බව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ පසුබිමක වේ.

ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවෙන් පසු දුම්රිය වෘත්තිය සමිති සිය වර්ජනය අත්හිටුවනු ලැබීය.

ඒ අනුව අද සිට දුම්රිය ධාවන කටයුතු නිසි පරිදි සිදු කිරීමටයි එකඟ වීය.

නමුත්, වර්ජනය හේතුවෙන් රාජකාරීවලින් බැහැරව සිටි දුම්රිය රියදුරන් ඇතුළු පිරිස නිසි පරිදි සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ධාවනයට අද පෙරවරුවේත් බාධා එල්ල විය.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට ද සිදු විය.