දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ..!

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Oct 31, 2023 12:33 PM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (31) උදෑසන සහ සවස දුම්රිය ගමන්වාර 08ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බවයි.

දුම්රිය රියදුරන්ගේ හිඟය මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුවී ඇති බවද වාර්තා වෙයි.

2017 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් බඳවාගෙන නොමැති බවත් ඒ අනුව මේ වනවිට දුම්රිය රියදුරන් 150ක පමණ අඩුවක් පවතින බවත් තවදුරටත් වාර්තා වෙයි.