හදිසියේම දුම්රියක් පිලි පනියි..

Sri Lanka
By krishani Sep 16, 2022 01:51 AM GMT
Report

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙන අතර ඒ අද (16) පෙරවරුවේ දී ය.  

මෙම දුම්රිය පීලිපැනීමට ලක්ව ඇත්තේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක්. එය පීලිපැනීමට ලක්වන අවස්ථාවේ දී ධාවනාගාරය බලා යමින් සිට තිබෙනවා.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටියේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රියෙහි ප්‍රමාදයක් ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.