දුම්රිය ගාස්තු සංශෝධනය ගැසට් කෙරේ..! තැපැල් ගාස්තුත් ඉහළ දමයි.
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, සඳහා වන දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. එම දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව මෙන් අඩක මුදලක් දුම්රිය ගාස්තුව වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.
මේ අතර ලබන මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ තැපැල් ගාස්තු ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ මුහුදු තැපැල් ගාස්තු මෙන්ම අධිවේගි තැපැල් ගාස්තුද ඒ අනුව ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
තැපැල් කාර්යාල අඥාපනත යටතේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම තැපැල් ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |