ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් ගැලවී යයි..

Sri Lanka Train Crash Accident
By Aruna Oct 26, 2022 06:46 AM GMT
Report

මහනුවර සිට කොළඹ කොටුව දක්වාද ඉන් අනතුරුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් තිබෙනවා.

දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරුණ බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ සිට පුඩළුඔය සහ කොත්මලේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ, හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ පස්වරුවේ සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස තලවකැලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ග වශයෙන් තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගය හරහා ගොස් හොලිරුඩ් තේ කර්මාන්ත ශාලාව අසලට පිවිස රථ වාහන ධාවනය කළ හැකි බවයි තලවකැලේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now